ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වුවද වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා සඳහන් කළේ විෂයභාර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන තෙක් තැපැල් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.