තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිය භාරයට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය වායු සමීකරණ උපකරණ තුළ සඟවා මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයා ගත බවයි පොලිසිය පවසන්නේ.