අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ත්‍රීරෝද රථයක බදේ ගැටී අද(30) දින සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පවසනවා.
උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජාවත්ත ප්‍රදේශයේදීයි.
දික්ඔය සිට ප්‍රධාන මාර්ගය දිගේ ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් වනරාජාවත්තට පිවිසෙන අතුරු මාර්ගයට ධාවනය කිරීමේදී දික්ඔය මූලික රෝහලේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවන වූ යතුරු පැදිය ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වන හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටියේ.
අනතුරට හේතුව යතුරු පැදිකරුගේ අධික වේගයත් ත්‍රීරෝද රථ රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බවත් අනතුරුන් ත්‍රීරෝද රථයට සහ යතුරු පැදියට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරීන් කියා සිටියා.














