ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට ලබන අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඇමෙරිකාව සමග සාකච්ඡා සිදු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරු බදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බදු පනවනු ලැබුවා.
අනතුරුව එය ක්‍රියාත්මක කිරීම දින 90 ක කාලයකට අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවයි සඳහන් වන්නේ. ඇමෙරිකාව නව තීරු බදු පිළිබඳ පසුගිය නව වැනිදා මෙරටට නිල වශයෙන් දැනුම් දී තිබු අතර ඒ අනුව පනවා තිබූ නව තීරු බද්ද සියයට 30 ක් වනවා. මේ අනුව එම තීරණය ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට බලාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














