සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා .
කෙසේ වෙතත් ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 12 යි පන්දු 03 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි.
එය සැලකෙන්නේ විස්සයි විස්ස තරගයක දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විස්සයි විස්ස තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ 2022 වසරේදී ඉන්දියාවට එරෙහිව වීමද විශේෂත්වයක්.
තරග පහකින් සමන්විත තරගාවලියේ මේ වන විට 1 ට 0 ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසු වනවා.













