නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බණ්ඩාරගම සහ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩුම ආදායම්ලාභී පවුල් පහක් සඳහා රජයේ ආධාර මත ඉදිකළ නිවාස භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ සිදු විය.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනිවැල්පිටිය, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටියන සහ සේනපුර යන ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් තුනක් සදහා ඉදිකළ නිවාසවල යතුරු අමාත්‍යවරයා විසින් මෙහි දී භාර දීමට කටයුතු කරන ලදී.
එමෙන් ම හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක, නැගෙනහිර සහ ගෝනපොල ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා ඉදිකළ නිවාසවල යතුරු භාරදීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය.
මෙම එක් නිවසක් ඉදිකිරීම සඳහා රජය මඟින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.
කළුතර දිස්ත්‍රික්කය තුළ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති තෝරාගත් දිළිඳු පවුල් 155ක් සඳහා රුපියල් මිලියන 155ක මුදලක් මේ වන විට රජය විසින් බෙදා දී ඇත. එම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස පහක් අද මෙසේ භාරදීමට පියවර ගැනුණි.
2025 ලෝක ජනාවාස දිනයට සමඟාමීව තවත් නිවාස 40 ක් කළුතර දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම සඳහා ප්‍රතිලාභීන් 40 දෙනෙකුට රුපියල් මිලියන 40 ක් ලබා දීමට ද රජය පියවර ගත් අතර ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය තුළ නිවාස 195 ක් මෙම වැඩසටහන යටතේ ඉදිවෙමින් හෝ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
ඉහත ආධාර වැඩසටහනට අමතරව “සේවා අභිමානී ණය වැඩසටහන” යටතේ නිවාස නොමැති රාජ්‍ය සේවකයන්ට නිවාස ඉදිකිරීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ප්‍රතිලාභීන් 43 ක් සඳහා ලක්ෂ 645 ක් නිකුත් කර ඇත.
ආබාධිත සහ අසරණ පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමට “සෙවන ආධාර වැඩසටහන” යටතේ කඩිනම් වැඩපිළිවෙළක් ද මේ වන විට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවන්වලට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංග, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමිත් ජයගේ, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල සිල්වා, හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති පියසේන අමරකෝන්,බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ, හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.එස්.ඩී.සජීවනා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමණාකරු අජිත් කුමාරපෙරුම යන මහත්ම මහත්මීන් ද ප්‍රාදේශීය දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ගම්වාසීන් ඇතුළුව පිරිසක් එක්ව සිටියා.