ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසල ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් තිබෙනවා.
ගංගාව පුරා මියගිය මසුන් පාවෙමින් තිබෙන අතර ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගංවතුර සහ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මසුන් මියයන්නට ඇතැයි සැකකෙරෙනවා.
ඕස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංගාව ලෙසයි ඩාලිං නදිය සැලකෙන්නේ.
මීට වසර හතරකට පෙරද මෙම ගංගාව අශ්‍රීව මෙවැනි සිද්ධියක් වාර්තා වී තිබුණා.













