නඩත්තුවක් නොමැතිවීම නිසා ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වනවා .
මේ හේතුවෙන් ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද රෝග සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දහසක පමණ ප්‍රමාණයක් සිදුකර ගැනීමට නොහැකි වී තිබෙනවා .
මෙම තත්ත්වය මත බයිපාස් සැත්කම් සඳහා දිනයක් ලැබෙන්නේ වසර දෙකක පමණ කාලයක් ගතවූ පසුව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා .
මේ අතර ජාතික රෝහලේ ඉතා සරලව නවීකරණය කළ හැකි ජීවානුහරණ යන්ත්‍රය කැඩි ඇති බවත් එය වසරක පමණ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවද වාර්තා වනවා .
මේ හේතුවෙන් ක්ෂුද්රජීවීන් අතින් අල්ලා සේදිමට නියෝග දී ඇති නිසා රෝහල් කාර්යමණ්ඩලය ආරක්ෂාව නොමැතිව එම කාර්යයන් සිදුකිරීමට අපහසු බව ද සදහන් .