Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    2024-03-12කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතය.
    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලීන් අඩංගු වන අතර, වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වඩාත් වැදගත් සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
    ගුරු සහතිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඇතුළුව අනෙකුත් පිළිගත් වෘත්තීන්හි මෙන් ගුරු සේවයේ තීරණ ගැනීම සහ වෘත්තීයකරණය සඳහා ගුරුවරුන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස ජාතික ගුරු කවුන්සිලයක් (National Council for Teachers) පිහිටුවීම සඳහා පනතක් කෙටුම්පත් කර මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
    මෙම කවුන්සිලය මඟින් ගුරු වෘත්තිය ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තියක් බවට පරිවර්තනය කිරීම, ගුරු වෘත්තීමය ගුණාංග වැඩිදියුණු කිරීම, ගුරුවරුන් සඳහා නිශ්චිත වෘත්තීය මාර්ගයක් (professional pathway) ඇතුළු මනාව නිර්වචනය කරන ලද වෘත්තීය සංවර්ධන රාමුවක් හඳුන්වා දීම, නැගී එන වෘත්තීය තත්ත්වයන්ට අනුකූලව ගුරු වැටුප් ව්‍යුහය ඇගයීම, කීර්තිමත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම වැනි අවශ්‍යතා සපුරනු ඇත.
    2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී. එමඟින් 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
    මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අළුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන් අතර මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද, ඒ අතර තුර, විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය.
    දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් පුහුණු කරනු ලබන විද්‍යාපීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත විද්‍යාපීඨ ගුරුවරුන් 400ක්ද මෙයට අන්තර්ගතවනු ඇත.
    කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය මෙන්ම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට මේ වන විට ලබා දෙනු ලබන පාසල් හැරයාමේ සහතිකයට අමතරව සිසුවකු විසින් වසර ගණනාවකදී පාසල තුළ දක්වන විවිධාකාර දක්ෂතා මෙන්ම හදාරණ ලද විෂයයන් පෙන්නුම් කරන කිසිදු ගුණාත්මක සහතිකයක් සිසුන්ට හිමි නොවේ. ඒ අනුව, මේ වසරේ සිට ක්‍රියාත්මකවන පරිදි, ජාතික විභාග ප්‍රතිඵල දක්වන සහතිකවලට සීමා නොවී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Certificate of Completion) සෑම සිසුවකුටම ලබා දීමටද මෙහිදී ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලදී.
    ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ආශ්‍රීත පුවත්:  උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
    Sri Lanka
    පෙර පුව​තඋතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට පිය‍වර
    ඊළඟ පුව​ත පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය තුළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත් කිරීමට පියවර

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group