ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ පැවැත්වුණා .
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනමනු ලැබුවා .
පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීමටයි කටයුතු කලේ
නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වනවා.