වතු කම්කරුවන්ට නිවාස සැදීම සඳහා හිමිකම් පත් ලබාදෙන බව පවසමින් ජනාධිපතිවරයා බණ්ඩාරවෙලදී හිස් ලිපියක් ලබාදී වතු කම්කරුවන් නැවත වතාවක් රැවටීමකට ලක්කර ඇති බව සමස්ත ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසනවා.
ඒම හතාගේ හැටන් කාර්යාලයේදී පැවැති ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් ඔහු මෙලෙස කියා සිටියා.
බණ්ඩාරවෙල නගරයේදී විශාල උත්සවයක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වතු කම්කරුවන් සඳහා නිවාස හිමිකම් ප්‍රදානය කිරීමක් සිදු කළා.
ඒත් එය නමක් ලිපිනයක් නැති ලිපියක් පමණයි.
මෙම ලිපියේ අදාළ හිමිකම හිමි පුද්ගලයාගේ නමක්වත් අදාළ ඉඩම පවතින ස්ථානයවත් නැහැ. මෙයින් පෙනී යන්නේ එය නිකම්ම නිකන් ලිපියක් පමණක් බවයි.
ඒ වගේම එහිදී ජනාධිපතිතුමන් පැවසුවා මෙම වසර අවසන් වීමට පෙර වතු කම්කරු වැටුප රුපියල් 1700ක් කරන බව. ඒත් පසුගිය මැතිවරණ කාලවලදී මේ අය පැවසුවේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන බවයි.
එය දැන් 1700ක් වෙලා. ඒත් මේ වැටුප් වැඩිකිරීමට වැවිලි සමාගම් මේ වනතෙක් එකඟතාවය පල කරලා නැහැ. මේ වැවිලි සමාගම්වල වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන ලෙස අදාළ වැවිලි සමාගම්වලින් ඉල්ලීමට පෙර රජයේ පාලනය යටතේ පවතින ජනවසම මගින් පාලනය වන වතුවල වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීමට රජය පියවර ගත යුතුයි.
ජනවසම යටතේ තේ වතු 16ක් රබර් වතු දෙක්ක පාලනය පනවා. එම නිසා මුලින්ම එම වතු 18 සේවයේ කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරාට පසුව අනිකුත් වැවිලි සමාගම්වලට කියන්න පුළුවන් ජනවසම මගින් පාලනය වන වතුවල වතු කම්කරුවන්ට අපි වැටුප් වැඩි කරලා තියෙන්නේ එම නිසා ඔබලාත් වැටුප් වැඩි කරන්න කියලා.