අත්‍යවශ්‍ය අවස්ථාවක නැවතත් ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
‘දිට්වා‘ සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් පසු, ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට අමෙරිකාව විසින් ඩොලර් මිලියන 2ක් ලබාදීට පියවර ගෙන තිබුනා.
මීට අමතරව අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එක්සත් ජනපදය C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක් ද යෙදවීටයි කටයුතු කර තිබුනේ.
මෙමගින් දෙරට අතර පවතින කල් පවත්නා සබඳතාවයේ ශක්තිය පිළිබිඹු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.











