රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අමාත්‍යංශ කිහිපයක වැඩ බලන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශිය සංචාරය නිමකර යළි පැමිණෙන තෙක් අදාළ පත්කිරීම බලාත්මක වනු ඇති.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යධුරයේ වැඩබැලීමට ජනක වක්කුඹුර මහතා පත්කර තිබෙනවා.