ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී පසුගිය 5 වැනිදා රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය කියා සිටයේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශන අනුව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අදාළ සැකකරුවන් දෙදෙනො මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතයි.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් සහ 32ක් වන දෙදෙනෙක් බවද පොලිසිය කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.