
ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.













