රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදි සැකකරුවන්ගේ ගමන් මලු තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 22ක ප්‍රමාණයක් රේගු භාරයට ගනු ලැබුවා.
මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට මෙරටට පැමිණ ඇති මෙම සැකකරුවන් කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.









