නීති විරෝධීව ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන එන ලද පෞද්ගලික ගුවන් සමාගම සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් කෝටි 04කට අධික බවයි වාර්තා වන්නේ.
අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙනවිත් ඇති බවත් ගුවන් යානා කාර්ය මණ්ඩල සඳහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේදී රේගු නිලදාරීන් මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.
අදාළ සේවිකාවගේ ගමන් මල්ලේ තිබී කිලෝ 01 ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයාගෙන ඇති බවයි ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් පමණ වූ තරුණියක් බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












