සිංගප්පූරු ධජය සහිතව බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි.
දිගින් මීටර් 270ක් පමණ වූ MV Wan Hai 503 නම් වූ මෙම නැව පසුගිය 7 වැනිදා කොලඹ වරායෙන් මුම්බායි බලා පිටත්ව තිබෙනවා.
එලෙස පිටත්වූ නැව හෙට(10) දිනයේදී මුම්බායිහි නවා ශෙවා වරාය වෙත පැමිණීමට නියමිතව තිබියදී මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.
එලෙස වරායට ළඟාවීමට තිබියදී අද පෙරවරු 9.30ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 සිට ඇති අතර ඉන් 18 දෙනෙක් නැව අතහැර දමා ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පිපිරීමෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකට තුවාල සිදුව ඇති බවත් තවත් සාමාජිකයන් හතර දෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත යොමු කර ඇති බවයි.