ඊයේ රාත්‍රී කාලයේ නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.













