බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.
මෙම තරගාවලිය තරග 3 කින් සමන්විත වනවා.
මේ අතර දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරගය 2 ට 1 ක් ලෙස ජයගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.













