කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇති බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඊයේ දිනයේදී කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව තිබුනා.
එම අවස්ථාවේදී මෙලෙස බර වාහන ධාවනය අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර එම ජලාශයේ එක් වාන් දොරටුවක් පසුගිය 08වන දින සිට තව දුරටත් විවෘත කර තිබෙනවා.
ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සඳහා එම පියවර ගත් බවයි ජලාශභාර ඉංජිනේරුවන් පවසන්නේ.











