කොකේන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත, සිල්වා මාවත ප්‍රදේශයේදී 22 වනදා රාත්‍රීයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 114ක් සමග වයස අවුරුදු 43ක් පමණ වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව ඊයේ(23) අලුයම් කාලයේදී තවත් සැකකරුවෙක් කඩවත දළුවපිටිය ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 56ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 116ක් සහ හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 98ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 48ක් පමණ වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් ගල්කිස්ස සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත කොළම මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.













