ඩිජිටල් සහ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂිකාර්මික අංශයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවදානය යොමුකර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
2025 කෘෂිකර්ම හා පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.
රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය විසින් මෙම සමුළුව සංවිධාන කරනු ලැබුවා.
දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසරබව සදහා කෘෂිකාර්මික තාක්ෂණයන්හි නවෝත්පාදන මෙහෙයවීම යන්න මෙවර සමුළුවේ තේමාවයි.