කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(08) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 762ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 27ක් වන ඉන්දියානු ජාතිකයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














