නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයාවරයා ද එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අදාළ සැකකරුවන් පසුගිය 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පසුගිය දා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයා ගනු ලැබුවා.
පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවයි .