නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සැකකරුවන් පුද්ගලයෙකුට පහරදී වදහිංසා පමුණුවා හෝමාගම බයිපාස් මාර්ගයේ පසුගිය 10 වනදා අතහැර දමා ගොස් තිබුණා.
ඔහුගේ ගෙල සිරකර හිසට පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













