
අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයේ දැක්වෙනවා.














