සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දිමටයි.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.
මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගය වනවා.