2030 වසරේ සිට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට අයි සී සී ය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
එම අනුමැතිය ලබා දී ඇත්තේ ඊයේ කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දීයි.
මේ අතර, 2026 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් කණ්ඩායම් සිය ස්ථාන වෙන් කර ගන්නා ආකාරය ද මෙම සමුළුවේදී ප්‍රකාශ කර තිබෙනවා .
ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් හා යුරෝපා කලාපයෙන් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකානු කලාපයෙන් එක් රටක් ද, ආසියා හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාප ඒකාබද්ධව රටවල් 3 ක් එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














