2030 වසරේ සිට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට අයි සී සී ය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
එම අනුමැතිය ලබා දී ඇත්තේ ඊයේ කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දීයි.
මේ අතර, 2026 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් කණ්ඩායම් සිය ස්ථාන වෙන් කර ගන්නා ආකාරය ද මෙම සමුළුවේදී ප්‍රකාශ කර තිබෙනවා .
ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් හා යුරෝපා කලාපයෙන් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකානු කලාපයෙන් එක් රටක් ද, ආසියා හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාප ඒකාබද්ධව රටවල් 3 ක් එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













