හොන්ඩියුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක් තුළ ඇති වූ ගැටුමකින් කාන්තා රැඳවියන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ගැටුම හේතුවෙන් තවත් රැඳවියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙහිදී කාන්තා රැඳවියන් විසින් වෙඩි තැබීම් සහා පිහි ප්‍රහාර එල්ල කිරීම් සිදු කර ඇති අතර, එමගින් බරපතල තුවාල ලැබූ කාන්තා රැඳවියන් 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.













