කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය දෙපස ජනතාව 27 දින රාත්රියේ දැඩි විමසිලිමත්ව සිටින බව සිටින ලෙස බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරුත් බුද්ධික මහේෂ් නවරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
කළාවැවට තත්පරයට ඝන අඩි දහ අටදහසකට අධික ජල ප්රමාණයක් ලැබෙමින් පවතින නිසා රාත්රී කාලයේ ලැබෙන ජලය වැඩිවීම සිදු වුවහොත් ඒ හා සමානවම වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය
මේ වන විට මේ වන විට කලා වැවේ සොරවූ දෙකම අඩි දහ අට බැගින් විවෘත කොට තප්පරයකට ඝන අඩි දහ අටදහසකට අධික ජල ප්රමාණයක් කලා ඔයට මුදා හැරෙමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
වර්ෂාපතනය නිරන්තරයෙන් ලැබෙන නිසාවෙන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන විවිධ නිවේදන සඳහා අවධානය යොමු කරන ලෙසත් රාත්රිය වන විට වර්ෂාපතනය වැඩි වී කලා වැවට ලැබෙන ජල ප්රමාණය වැඩිවීම සිදුවිය හැකි බව ඒ මහතා අවධාරණය කළේය
එමෙන්ම කලා වැවේ ජල කලා ඔයට මුදා හැරෙන ආකාරය නැරඹීම සඳහා අති විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බවත් එම පැමිණෙන ජනතාව ද දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.