පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවන රථ වාහන අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින් ගණන වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ , කරච්චි නගරයේ රථවාහන අර්බුදය අඛණ්ඩව ජීවිත බිලිගනිමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා රථවාහන අනතුරුවලින් පුද්ගල මරණ 328ක් වාර්තා වී ඇති බවයි.
ඊට අදාළ සංඛ්‍යාලේඛනවලට අනුව, වින්දිතයින් අතර වැඩිහිටි පිරිමින් 251ක්, කාන්තාවන් 34 ක් සිටුන බවද සදහන්.
එමෙන්ම පිරිමි ළමයින් 34ක් සහ ගැහැණු ළමයින් 9 දෙනෙකු ද එම රිය අනතුරුවලින් මිය ගිය පුද්ගලයින්ට ඇතුළත් වන අතර තවත් 4,600කට වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.
දින 129ක් තුළ මරණ 103ක් වාර්තා වී ඇති අතර, මරණවලින් සැලකිය යුතු කොටසක් බර වාහනවල ගැටීමෙන් සිදු වූ ඒවායි.