කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පැවැත්වෙනවා.
ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි.
කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
වතු සේවකයකු වීම , වසර 05ක නිවැරැදි වතු පදිංචිය, වතු සේවක සමුපකාර නිවාස සමිතියේ සාමාජිකත්වය, කලින් නිවාස ආධාර ලබා නොමැතිවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නිවාස ලබා දෙනු ලබනවා.
එමෙන්ම මෙහිදී දැනට පදිංචි ස්ථානයේ ආපදා බලපෑම් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවද සැලකිල්ලට ගනු ඇති.
මෙම 4වන අදියර යටතේ දිස්ත්‍රික්ක 09ක ප්‍රතිලාභින් 2056ක් තෝරා ගෙන තිබෙනවා.
ඉන්දියානු අධාර යටතේ නිවස ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබා දී ඇති බවත්, ඉදිකල නිවාස සඳහා යටිතල පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














