රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා.
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර තිබෙනවා.
ඇතැම් ඖෂධවල මිල සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.
දැනටමත් මිල අඩුකර ඇති ඖෂධවල ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.
ඉදිරි සතියේ දී තවත් ඖෂධ වර්ග 200ක පමණ මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා එම ඖෂධ අලෙවි කරන අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද නියමිතයි.
ඔසුසල්වල පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියමකර ඇති මිලටම ඖෂධ ලබාදිය යුතු වනවා.
උණුසුම් පුවත්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට
- තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
- ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට
- අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- ආපදා මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළට – 190ක් අතුරුදන්
- මිනිස් පරීභෝජනයට නුසුදුස මස් කිලෝ 12000ක් සොයා ගැනේ
- නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට












