මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයන් සොයා අද දිනයේත් මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කළා.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරනු ලබන සේවකයන් පිරිසක් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර, එම පිරිසේ සිටි තිදෙනෙක් මෙලෙස දියේ ගිලී අතුරුදන් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අතුරුදන් වූ පුද්ලගලයන් අවුරුදු 20 හා 23 යන වයස්වල පසුවන චුන්නාගම්, කොස්ලන්ද සහ ඩයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඒ අනුව අතුරුදන් වූ පුද්ලගලයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













