සීනිගම ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි මීටියාගොඩ පොලීසිය සඳහන් කලේ.
හිටපු මන්ත්රීවරයාගේ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.