වෘත්තීය වෙනුවෙන් කැපවූ සහ දයානුකම්පිත වෘත්තිකයන් ලෙස උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිතපරිපූරක වෛද්‍ය විද්‍යාලවල පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින්.
හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව, විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව , වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව සහ විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් සහායි මෙම ඩිප්ලෝමා ප්‍රධානය කෙරුණේ.
ඒ අනුව උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කිරීම සිදු වුනා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














