ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ මෙම අයදුම් කිරීම සිදු කරනු ලබනවා.
ඒ අනුව කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි බවයි සදහන් වන්නේ.
ඒ සඳහා සැප්තැම්බර් 14 වන දින දක්වා වෙබ් සබැදිය විවෘත කර ඇති බවයි එම කාර්යංශය නිවේදනය කළේ.
ඒ අනුව ප්‍රතිසංස්කරණ සිදුකරන්නන් ,සෙරමික් ටයිල් අතුරන්නන් ,කපරාදු යන රැකියා අංශ සදහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.
මේ යටතේ අයදුම්කරුවන් 1,500 ක් බඳවා ගැනීමට නියමිතයි.
මෙම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමි වන බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකියාව ලැබෙනවා.
ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුයි.
මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී අයදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලබනවා.
මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීතිවිරෝධී බවද කාර්යාංශය වැඩි දුරටත් සදහන් කරනවා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














