රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බව ටෙහෙරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජිඩ් තක්ට්-රාවන්චි පවසනවා.
ට්‍රම්ප් පරිපාලනය මැදිහත්කරුවන් හරහා ඉරානයට සාකච්ඡා සඳහා නැවත පැමිණීමට අවශ්‍ය බව පවසා ඇති නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් “ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර නොමැති” බව අමාත්‍යවරයා සඳහන් කළා.
පසුගිය සති අන්තයේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට සෘජුවම සම්බන්ධ වුණා.