ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.
මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බවද ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා සිටියේ, රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බවයි
මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කල දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5 තුළ වාර්තාවූ ඉහළම අගය බවයි.