ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් බවයි එහි සභාපතිවරයා සදහන් කළේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.