ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තරග පැවත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ ඉන්දියාවේ බැංගලෝර්, ගුවහාටි, ඉන්දෝර් සහ විශාකාපට්නම් යන ක්‍රීඩාංගණවලදීයි.
කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.