ඉන්දියාවේ ජයිපූර් – අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ ලාෆ් ගෑස් ප්‍රවාහනය කල ට්‍රැක්රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරත් සමග විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
ජයිපූර් පොලිසිය සදහන් කලේ පුද්ගලයින් තිදෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ඉන්දීය පොලිසිය විසින් සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.