ඉදිරි වසර 3 ඇතුළත සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීම සදහා වූ මූලික පියවර රැසකට මේ වන විට අවතීර්ණ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ හෙද සේවාවේ වාට්ටු කළමනාකරණ සහ අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙදියන් 515 දෙනෙකු පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්.
රෝහල් පද්ධතිය කළමනාකරණය කර ගනිමින් රෝගියාට ඉහළම සත්කාර සේවාවක් ලබාදීමට තමන්ගේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම මෙම පිරිසෙන් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













