Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා

    ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා

    2025-07-03කියවීමට මිනිත්තු 4ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය කාලයේ විපක්ෂයේ සිට තමා බලයක් නොමැතිව වැඩක් කළ බවත් සක්වල වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් බෝඩ්, මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කරනවා සේම එහිදී ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමේ වැදගත්කම ද ඉස්මතු කළ බවත් මේවා රටට ඉදිරිපත් කිරීමේ දී දේශපාලන ප්‍රහාරවලට මුහුණදීමට පවා සිදු වූ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිවැඩියෙන් ලබා දෙන්න අවශ්‍ය බව පවසන විට සුහුරු අධ්‍යාපනය ගැන කියද්දි වෙනත් භාෂා හැදැරීම ගැන කියද්දි උසුලු විසුළු කළ බවත් මෝඩ කතා යැයි තමාට අපහාස කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    සත්‍ය කවදා හෝ ජය ගන්නා බවත් පසුගිය දිනවල තමා කියූ කතාවල සත්‍ය ජනතාවට වැටහී ගිය බවත් තමා කිසිදින ඉංග්‍රීසි වැරදියට භාවිත කිරිම නිසා කිසිවෙකුටවත් විහිලු නොකරන බවත් ඉංග්‍රීසි භාෂාව වැරදි ආකාරයට භාවිත කිරිමට වගකිව යුත්තේ යාවත්කාලීන නොවූ ලෝකය යන රටාවට වෙනස් නොවූ යල්පැනගිය අධ්‍යාපනය බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    එම නිසා දැන්වත් සත්‍ය අවබෝධ කර ගෙන ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිලුකාරයන් නොවී මෙරට දරු පරපුරට වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කරන්න අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

    විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ගයාන් දර්ශන මහතා විසින් අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි ප්‍රකෝටි පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත් එය මූලික හා මානව අයිතියක් බැවින් තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් සත්‍ය හෙළිදරව් වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියා.

    පසුගිය දිනවල ජාත්‍යන්තර සම්මේලනයේ දී සිදුවූ දේ ගැනවත් සිතා බරපතල ඌනතා විෂමතාවලට විසදුම් ලබාදීම පාලකයන්ගේ සේම මහජන නියෝජිතයන්ගේ ද වගකීම බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් රජයේ පාසල් සෑම එකකම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට මූලිකත්වය ලබා දිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය සම්පත් ලබාදිය යුතු බවත් මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ආශ්‍රීත පුවත්:  සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්
    දහම් අධ්‍යාපනය සේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි

    දහම් පාසල් හරහා කුඩා කළ සිට දූ දරුවන්ට ලබාදෙන දහම් අධ්‍යාපනය බෞද්ධ ප්‍රතිපත්තිවල දැනුවත් වීම යුක්තිගරුක ශිෂ්ටසම්පන්න නීතිගරුක සංවරශීලී රටට වැඩදායී මධ්‍යස්ථාන බිහි කරන පන්සල්වල පිහිටා ඇති පෙරපාසල් සහ දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් ඊට අමතරව ගමේ විහාරස්ථාන ඇතුළු අනෙකුත් සියලුම ආගමික සිද්ධස්ථාන ඒ ඒ ආගම ධර්මය ශක්තිමත් කරන මධ්‍යස්ථාන පමණක් නොව අපේ රටේ විශේෂයෙන්ම දරු පරපුරට තරුණ පරපුරට උසස් ගණයේ අධ්‍යාපනයක් ලබා දෙන කේන්ද්‍රස්ථාන බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ලෝකයේ සිදුවන දැවැන්ත තාක්ෂණ විප්ලව අධිසීඝ්‍රගාමීව සිදුවන විට අප රටේ යල්පැනගිය අධ්‍යාපන පද්ධතිය නිසා තවදුරටත් එකතැන පල්වෙමින් සිටින මොහොතක ගමේ නගරයේ විහාරස්ථාන තුළ නව තාක්ෂණ දැනුම ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළට ඔබින නව දැනුම සුහුරු අධ්‍යාපනය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් නගරයේ කොටිපති පවුල්වලට පමණක් හිමි වූ මේ නව තාක්ෂණික අධ්‍යාපනය ගමේ නගරයේ සාමාන්‍ය පවුල්වල දුවා දරුවන්ට ද ලබාදිය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    වැවයි දාගැබයි ගමන් පන්සලයි යන ඉපැරණි සංස්කෘතික ශිෂ්ඨාචාරය නැවත වරක් ශක්තිමත් වෙමින් ගමේ පන්සල තුළ මේ මහා සංවර්ධන ක්‍රියාදාමය සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මුල් තැන ලබා දී ඇති බුද්ධශාසනය තවදුරටත් ශක්තිමත් වන දැවැන්ත ප්‍රායෝගික බෞද්ධාගමික සංවර්ධන ව්‍යාපෘතිවල සුබපැතුම් එක් කරන බවත් ගමේ පන්සල හරහා දහම් සුවද උතුම් බුද්ධ ධර්මය ගම්මාන නගර පුරා ව්‍යාපෘත වන්නේ විහාරස්ථාන හරහා බවත් බුදු දහමේ අභිවෘද්ධිය උන්නතිය ගැන කතා කිරිම පමණක් නොව ක්‍රියාවෙන් ද විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කරන ආගමික සංවර්ධන ව්‍යාපෘති උනන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    අද වන විට ගොවියා අන්ත අසරණයි

    අද වන විට ගොවියාට උසස් බීජ සහ පොහොර නොලැබෙන බවත් රජයෙන් සොච්චම් සහනාධාරය ලැබෙන්නේ ගොවිතැන් කර අවසන් වූ පසුව බවත් ගොවියාගේ නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නොලැබෙන බවත් පාර්ලිමේන්තුවේ නීතියක් හරහා ගොවියාට අණපනත් හරහා ස්ථාවර මිල ලබා දෙන බවට විපක්ෂයේ සිටියදී වත්මන් රජයේ පාර්ශ්ව කිව්ව බවත් දැන් ඒවා ක්‍රියාත්මක කරන්න කාලය එළැඹ ඇති බවත් කියන දේ කරන්න කාලය එළැඹ බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    ආශ්‍රීත පුවත්:  IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද
    තෙල් සහ විදුලි බිල වැඩි කළේ අයි.එම්.එෆ් සිව්වැනි වාරිකය ගන්න

    අයි. එම්. එෆ්. එක සිව්වැනි වාරිකය දෙන්නේ තෙල් මිල හා විදුලි බිල වැඩි කිරීම නිසා බවත් සමගි ජන බලවේගය විසින් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම වෙනස් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටියත් එය ද නොවු බවත් ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැතිව ගිවිසුම වෙනස් කරන්න කිව්වත් වත්මන් රජය එය නොකළ බවත් අයි. එම්. එෆ්. සිව්වැනි වාරිකය ලබාගන්න විදුලි බිල තෙල් මිල වැඩ කළ බවත් විපක්ෂ නායකවරයා එහිදි පෙන්වා දුන්නා.

    අද අත්‍යාවශ්‍ය ඖෂධ හිගයි

    අද වන විට රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බවත් හම්බන්තොට වැනි දිස්ත්‍රික්වල ද ඖෂධ හිඟයක් ඇති බවත් මේ අඩුපාඩුකම් එක්ක නිදහස් සෞඛ්‍ය රැකගත නොහැකි බවට වෛද්‍යවරුද කියන බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන විට බොරු දේවල් නොකියා සිටින ලෙස රජයේ ඇමතිවරු කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පාලකයන් පත් කරන්නේ ජනතාව මරා දමන්න නෙවෙයි

    පාලකයන් පත් වන්නේ ජනතාව ජීවත් කරවීමට මිස මරා දැමීමට නොවන බවත් ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ කියන දේ කරන රජයක් බවත් එබැවින් කියපු දේ කරන ලෙස ද විපක්ෂය රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    Sajith Premadasa
    පෙර පුව​තකොරියානු රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර
    ඊළඟ පුව​ත වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group