ඇෆ්ගනිස්තානයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රාන්තයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් ද හට ගත්තා.
මිය ගිය පිරිස අතරට එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ද අයත් අතර ඔවුන් අතරින් දෙදෙනෙකු කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.
තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
පවුල් 1800 ක් පමණ හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනය කරනවා.
දේපළ හානි හා සත්ත්ව ගොවිපලයන් හි සතුන් මිය යාම පිළිබඳව ද වාර්තා වනවා.











