ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඇමරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවයි කැනේඩියානු මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඇමර්සන් ඇතුළු ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා මෙම බද්ද පැනවීමත් සමග කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරනු ලැබුවා. ඒ අදාළ බද්දෙන් වසරකට ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් අහිමිවන බව සඳහන් කරමින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් එම බද්ද අවලංගු කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ලබන විසි එක් වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කරන බවයි කැනඩාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
- සංක්‍රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත්
- රේගුවෙන් වාර්තාගත ආදායමක්
- අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක්උපයාගෙන අවසන්
- මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය සොයිසා කාන්තා රෝහලේ දී
- දැව කඳට යටවී වෙච්චි දෙයක්
- ප්‍රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ
- ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි