ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මෙම වැඩසටහන ප්‍රතිෂ්ඨා නමින් නම් කර තිබෙනවා.
පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා සදහන් කළේ.
ඒ අනුව 1988 ක්ෂණික දුරකථන අංකයෙන් හා 077 65 823 65 හෝ 071 99 323 25 යන වට්ස්ඇප් අංක ඇමතීමෙන් මේ සම්බන්ධ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේ වන අතර එම සංඛ්‍යාව 330 ක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.













