ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා.
ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනාපත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.
එම නඩුව යටතේ චෝදනා ලබා සිටි එම සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.
2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.
ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේදී අල්ලස් කොමිසම විසින් දෙව වරටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි ලිඛිතව කරුණු දක්වා තිබුණා.
ඒ අනුව සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම නිසා මහාධිකරණය එම විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.













