තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා.
එම සංගමයේ, ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පසුගිය 22 දා යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි.
ඒ අනුව ජූලි මස 30 වන දා සහ 31 වන දා යන දෙදින මෙම වැඩවර්ජනය සිදු කෙරෙනු ඇති.
දුම්රිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබුණහොත් මෙම වැඩවර්ජනය අනිවාර්යෙයන්ම සිදුකරන බවටයි එම සංගමය පවසා ඇත්තේ .
තම ගැටළු වලට ධනාත්මක පිළිතුරු ලැබුණහොත් පමණක් වැඩවර්ජනය අත්හිටුවීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපතිවරයා සදහන් කලේ .
එමෙන්ම තම ගැටළු සදහා ඉතා කඩිනමින් පිළිතුරක් අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.